දිලිත් ජයවීර සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරේ.
සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේය.ඒ අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමේ ජාතික සමුළුවේ දීය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දිලිත් ජයවීර මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ධූරයට යෝජනා කළ අතර සෙසු පාක්‍ෂිකයෝ එය ස්ථිර කළහ.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ව්‍යවසායක දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඇතුළු ‘සර්වජන බලය’ සන්ධානයේ ප්‍රධාන සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.