අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑළිය දිසා අධිකරණයේ නියෝගයක් මත ඊයේ (05) එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ පිස්කල් නිලධාරින් විසින් අදාළ වතු අධිකාරිවරයා වෙත භාර දි ඇත.අරවින්ද කුමාර් මහතා 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ අවදියේ වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද කුමාර් මහතා ට නිල නිවස වශයෙන් භාවිත කිරිමට මෙම නිල නිවස ලබා දි තිබුණි.අරවින්ද කුමාර් මහතා දේශපාලනයට පිවිසිමත් සමග දේශපාලනය බලය භාවිත කරමින් එම නිල නිවසේ මෙතෙක් කාලයක් රැඳී සිටි බව හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය පැවසීය.
LATEST NEWS
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් දොට්ට දමයි ..
- by admin
- September 6, 2024
- 0 Comments
- Less than a minute
- 377 Views