ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන සහ අවසන් එක දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 110 ජයක් ලබා ගැනීමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඉන්දියාව සමඟ තරඟාවලි ජයග්‍රහණයක් මෙයට වසර 27 කට පෙර ලබා තිබීම හේතුවෙන් අද ලබාගත් මෙම සුවිශේෂී එක්දින තරඟාවලි ජයග්‍රහණය මෙරට ජයග්‍රහණ පිපාසිත ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කලකට පසුව මහත් අස්වැසිල්ලක් විය.
තරඟයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 අවසන කඩුලු 7ක් දැවී ගොස් ලකුණු 248ක් ලබා ගත අතර සුපිරි ඉනිමක් ක්‍රීඩා කල අවිශ්ක ප්‍රනාන්දු පන්දු 102ක දී ලකුණු 95ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 59ක්ද රැස් කර ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ප්‍රභල ඉන්දීය කණ්ඩායම දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩර්සේගේ දඟ පන්දු හමුවේ අසරණ වූ අතර පන්දුවාර තුල ලකුණු පමණක් රැස් කර ගැනීමට සමත් විය.
පරාජයන් රැසක් සමඟ ප්‍රේක්ෂක අපහාසයට ලක්වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ දැක්වූ දස්කම් පසුපස කැපී පෙනෙන චරිතය වුයේ අන්තර්වාර පුහුණුකරු හිටපු ප්‍රවේගකාරී වමත් පිතිකරු සහ නායක සනත් ජයසුරියයි.
තරඟයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු වූ අතර තරඟාවලියේ වීරයා දුනිත් වෙල්ලාලගේ.